ග්‍රීක ඔලිම්පියන් දෙවිවරු - 2 ( 12 Olympian Greek Gods )

7. ඇෆ්රෝඩයිටි (Aphrodite)


ආදරය,ලිංගිකත්වය සහ රුපශ්‍රියට අධිපති දෙවඟන වන්නේ ඇයයි. Zeus විසින් තම පියා වූ Cronus ගේ ජනේන්ද්‍රය කපා මුහුදට විසිකළ කොටසින් Aphrodite දෙවඟන බිහි වූවායයි ග්‍රීක සාහිත්‍යයේ සඳහන් වේ.

Aphrodite දෙවඟනගේ අත ගැනීමට දෙවිවරුන් අතර සිදුවීමට ගිය ආරවුල මැඩපැවත් වීමට Zeus විසින් ඇයව අවලස්සන  Hephaestus හට විවාහ කර දුන් බව සඳහන් වේ. එහෙත් ඉන් පසුවත් ඇයගේ අනියම් ඇසුරු කිහිපයක්ම පැවතුනි.

පරෙවියා, හංසයා සහ රෝස මල් සංකේත වේ.  

රෝමන් නාමය වන්නේ  Venus  ය. 

8. ඇතිනා (Athena)


ප්‍රඥානයට සහ යුද්ධයට අධිපති දෙවඟන වන්නේ ඇය යි. යුද්ධයන් හිදී බොහෝ විට ග්‍රීක වීරයන් හට මග පෙන්වීම ලබා දෙනනේ මෙම දෙවගන බව සඳහන් වේ .ඇගේ උපත පිලිබඳ ග්‍රීක සාහිත්‍යයේ අපුරු පුවතක් සඳහන් වේ . එනම් වරක් Zeus හට තද බල  හිස රුදාවක් සෑදෙන අතර එකවරම ඔහුගේ නලලෙන් Athena දෙව්දුව සම්පුරණයෙන් වැඩුණු සහ යුද අවි , ඇදුම් දරා මතුවූ බවයි.

රෝමන් නාමය වන්නේ  Minerva ය. 

9. ආටෙමිස් (Artemis)


දඩයමට,වනාන්තර සහ කදු වලට,සඳට සහ දුණු විදීමට අධිපති දෙවඟන ලෙස සැලකේ. තවද වන සතුන්ගේ, දරු ප්‍රසුතියේ සහ කන්‍යභාවයේ දෙවඟන ලෙසද සැලකේ.  ග්‍රීකයන්ගේ මහත් ආදරයට සහ ගෞරවයට පාත්‍රවූ දෙවඟනක් ලෙස සැලකේ. පියා Zeus වන අතර මව ටයිටන් දෙවඟනක් වූ Leto ලෙස සඳහන් වේ. Apollo නිවුන් සහෝදරයා වේ. 

ඉපැරණි ලෝක පුදුම වල සඳහන් වන එපිසස් හි ආටිමස් දේවස්ථානය (Temple of Artemis at Ephesus) ඇය වෙනුවෙන් ඉදි කරන ලද්දකි. 

රෝමන් නාමය වන්නේ  Diana ය.

10. ඇපලෝ (Apollo)


සුර්යාට,ආලෝකයට,සංගීතයට සහ අනාගත වාක්‍ය කීමට අධිපති දෙවියන් ලෙස සැලකේ. පියා Zeus දෙවියන් වන අතර මව Leto දෙවඟන වේ. Artemis දෙවඟන නිවුන් සහෝදරිය වේ. ඔහු Delos නම් ග්‍රීක දුපතේ උපත ලද බව සැලකේ.

මිනිසාට වෛද්‍ය විද්‍යාව ලබා දෙන ලද්දේ Apollo දෙවියන් බව සැලකේ. එමෙන්ම ඔහු සතු දුන්න සහ රිදී ඊතල විදීම මගින් නොයෙක් වසංගත රෝග පැතිර  වීමේ හැකියාවද ඒවා සුව කිරීමේ හැකියාවද  ඔහු සතු වේ.

ඔලිම්පස් හි පැවති දෙවියන්ගේ සාද වලිදී ,ඔහු සතු  lyre නම් තත් සංගීතය  භාණ්ඩය වාදනය කරමින් ගීත ගායනයට රුසියෙකු වූ බව ග්‍රීක සාහිත්‍යයේ සඳහන් වේ.

ඩොල්පින් සහ හංසයා ඔහුගේ පුජනිය සත්වයන් වේ .

රෝමන් නාමය වන්නේද Apollo යන්නයි. 


11. හර්මිස් (Hermes)


වෙළදාමට,සංචාරකයන්ගේ,සොරුන්ගේ,ක්‍රීඩාවන්ගේ,දේශ සිමා තරණයේ සහ කථිකත්වයට අධිපති දෙවියන් ලෙස සැලකේ. එමෙන්ම දෙවියන්ගේ පණිවිඩ කරු ලෙස ද සැලකේ. පියා Zeus වන අතර මව ටයිටන් ඇට්ලස් දෙවියන්ගේ දියණිය වූ Maia වේ.ඔහු එක දිනක් තුල පිළිසිදගෙන එදිනම උපත ලද බව සඳහන් වේ.

ඔහු සතු කපටි සහ සුක්ෂම හැකියාවන් යොදාගෙන  යම් අවස්ථාවන් හිදී මිනිසුන්ට උදව් කිරීමත් තවත් විටක විනෝදයට දෙවියන් මුලාකොට සතුටු වීමත් සිදු කල බව සදහන් වේ.

රෝමන් නාමය වන්නේ Mercury යන්නයි.   


12. හෆෙස්ටස් (Hephaestus) 



ගින්දරට, ලෝහ කර්මාන්තයට අධිපති දෙවියන් ලෙස සැලකේ. පියා Zeus ද මව Hera ද වේ. දෙවියන් අතර සිටි එකම අවලස්සන සහ අබ්බගාත දෙවියන් වූ බැවින් උපතේදීම Hera විසින් ඔලිම්පස් කඳු මුදුනින් පහලට විසිකළ බව සඳහන් වේ. කෙසේ නමුදු ඉන් දිවි බේරා ගත්  ඔහු ,පසුව Zeus  විසින් දෙවියෙකු ලෙස ඔලිම්පස් කඳු මුදුනට පිළිගන්නා ලදී.

 Aphrodite දෙවඟනගේ අත ගැනීමට දෙවිවරුන් අතර සිදුවීමට ගිය ආරවුල මැඩපැවත් වීමට Zeus විසින් ඇයව අවලස්සන  Hephaestus හට විවාහ කර දුන් බව සඳහන් වේ. එහෙත් ඉන් පසුවත් ඇයගේ අනියම් ඇසුරු කිහිපයක්ම පැවතුනි.

දෙවියන්ගේ සියලු ආයුද උපකරණ තනා දුන් කම්මල්කරුවා වන්නේ  Hephaestus ය. Cupid නම් දෙවියන්ගේ ඊතල ද ට්‍රෝජන් යුද්ධයේදී Achilles විසින් භාවිතා කල අයුධ ද මොහුගේ නිර්මාණ විය.   

රෝමන් නාමය වන්නේ Vulcan යන්නයි.   

3 comments:

  1. great collection.Thank you for the interpretation.

    ReplyDelete
  2. හරිම ලස්සනයි.. සිත්ගන්නා සුළුයි.. තවත් මෙවන් ලිපි ඉදිරිපත් කිරීමට ඔබට දිරිය ශක්තිය ලැබේවා..

    ReplyDelete