ග්‍රීක ඔලිම්පියන් දෙවිවරු - 1 ( 12 Olympian Greek Gods )

ග්‍රීක සාහිත්‍යයට අනුව විශ්වය දෙවිවරු සහ දෙවඟනන්  විසින් ග්‍රීසියේ ඔලිම්පස් කඳු මුදුනේ සිට පාලනය කරනු ලබයි. මොවුන් හඳුන්වනු ලබන්නේ ඔලිම්පියන්ස් (Olympians) යන නාමයෙනි. ඔලිම්පියන්වරු බලයට පැමිනෙන්නේ ඔවුන්ගේ නායකයාවූ (Zeus) විසින් තම පියා වූ (Cronos) ඇතුලු ටයිටන්වරු (Titans) පරාජය කිරීමත් සමගමය.

ඔවුන් කවුරුන් දැයි සැකෙවින් පහත දැක්වේ.

1. සීයුස් (Zeus)

සියලු දෙවියන්ට වඩා බලවත් වූ දෙවියන්ගේ රජුය. ආකාශයට සහ වර්ෂාවට අධිපතිය. අකුණු සැර ඔහුගේ ආයුධයයි. 

මොහුගේ පියා ටයිටන්වරුන්ට අධිපති වූ Cronus වන අතර මව Rhea වුවාය. ඔහුට Poseidon, Hades නමින් වැඩිමහළු සොහොයුරන් දෙදෙනෙකු ද Hestia, Hera, Demeter නමින් වැඩිමහළු සොහොයුරින් තිදෙනෙකුද විය.  

හේරා (Hera) දෙවඟන බිරිඳයි. එහෙත් වෙනත් අනියම් සබඳතා රැසක්ම පැවති බව පැවසේ. බොරු කියන්නන්ට සහ පොරොන්දු කඩ කරන්නන්ට දඬුවම් ලබා දෙන්නේ ද සියුස් බව පැවසේ. ඕක් සහ අකුණු සැර සංකේත වේ.

රෝමන් නාමය වන්නේ Jupiter ය.

2. පොසෙයිඩන් (Poseidon)  


සියුස්ගේ සහෝදරයා මෙන්ම ඔහුට පසු බලයෙන් වැඩිම දෙවියන් ලෙස සැලකේ.මුහුදට අධිපති දෙවියන්ය. ඕෂන්ස් නම් ටයිටන්වරයාගේ මිනිපිරියවූ Amphitrite ඔහුගේ බිරිඳයි. මොහු කෝපවූ විට භූකම්පන ඇතිවන බව පැවසේ. 

ඩොල්පින් මත්සයින් විසින් රැගෙන යන රත්රන් රියක නැගී මහ මුහුදු සාගර තරණයට මහත් ප්‍රියතාවයක් දැක්වූ බව සඳහන් වේ.  

Poseidon හට ඔලිම්පස් කදු මුදුනේද , ගැඹුරු සාගර පතුලේ ද යන තැන් දෙකෙහිම මාලිගා තිබුන අතර සිය බිරිද සමග සාගර පතුලේ මාලිගාවේ වැඩි කාලයක් ගත කල බව පැවසේ.

තිශූලය අයුධයයි. අශ්වයා සහ ත්‍රිශූලය සංකේතවේ.
රෝමන් නාමය වන්නේ Neptune ය. 

3. හේඩීස් (Hedes)


හේඩීස් සියුස්ගේ  සහෝදරයා වීය. තම පියාණන්වූ  ක්රෝනෝස් පරාජය කිරීමෙන්  පසු ඔහු තම සහෝදරයින් වන  සියුස් සහ පොසෙයිඩොන් සමග බලය බෙදා ගැනීමට සටන් කිරීමට පෙලබුනි. බලයට ඉතා කෑදර වූ ඔහු අතිශයින් දරුණු වු දෙවි කෙනෙකු විය.

මොහු පාතාල ලොවෙහි එනම් අපායෙහි ජීවත් වූ අයෙක් බව සැලකේ.පොළව කැනීමෙන් ලබාගත් ඉතා වටිනා අනර්ඝ ලෝහමය ද්‍රව්‍යයන්  විශාල ප්‍රමාණයක් ඔහු සතු වී තිබුණි.එම හේතුව නිසාවෙන් ධනයට අධිපති දෙවියන්වූ  හෙඩීස්, තමන් සතු ධනය නිතරම වැඩි කරගැනීමට  මහත් සැලකිල්ලක් දැක්විය. 

තමුන් අදෘශ්‍යමාන කරවන හිස්වසුමක්ද  ඔහු සතු විය.නමුත් මොහු තමන් ජීවත් වූ පාතාලයෙන් එලියට පැමිණුනේ ඉතාම කලාතුරකිනි.
හෙඩීස්  ඉතා කෘර හා අනුකම්පා රහිත දෙවි කෙනෙක් වුවත් ඔහු චපල අයෙක් නොවුවේය.ඔහුගේ බිරිඳ වූ ප්ර්සිෆෝන් වද ඔහු විසින් පැහැරගෙන ආ එක් අයෙකි. හෙඩීස් මරණයේ දෙවියන් ලෙසද සලකනු ලබයි.

රෝමන් නාමය වන්නේ Pluto ය.

4. හේශියා (Hestia)


Hestia සියුස්ගේ  සහෝදරිය විය . ඇය කන්‍යාවියන්ට අධිපති දේවතාවියයි .

ඇය කිසිදා විවාහ නොවුන අතර සදාකල් කන්‍යා දෙව්දුවක් ලෙස සිටි බව පැවසේ. කාරුණික ගති ගුණ වලින් සමන්විත යයි සඳහන් වන ඇය කිසිවිටක වාද විවාද ,යුද්ධයන්ට හවුල් නොවුන අතර මෙනිසා දෙවිවරු අතර ආදරයටත් ගෞරවයටත් පත් විය  
ඇය නිවසෙහි උදුනට අධිපති දේවිය ද විය. ඉතිහාසයේ සඳහන් වන පරිදි අලුත උපන් දරුවකු නිවසට රැගෙන යාමට පෙර Hestia දේවතාවියගේ සංකේතයක් නිවසට රැගෙන යාම සිරිතක් විය.

රෝමන් නාමය වන්නේ Vesta ය 


5. හේරා (Hera)


හේරා  සියුස්ගේ  සොහොයුරිය මෙන්ම බිරිඳ ද වුවාය. හේරා  විවාහයට අධිපති දේවිය මෙන්ම ඇය විවාහක කාන්තාවන්  රැකබලා ගන්නා බව ග්‍රීක ඉතිහාසයේ සඳහන්වේ.

සියුස් කොවුළකු ලෙස වෙස් ගෙන සිටි අවස්තාවකදී හේරා රවටා ඇය සමග යහන්  ගතවූ බව ග්‍රීක මිත්‍යා කතාවල සඳහන් වන අතර මෙම ලැජ්ජාව වසන් කරගැනීමට සියුස් සමග විවාහ වීමට හේරාට සිදුවී තිබුණි. හේරා නිතරම සියුස් සමග අඩදබර ඇති කරගත් අතර අගේ මුල් දරු පිළිසිඳ ගැනීම් ද අසාර්ථක විය.

සියුස්ගේ උඩගුකම අනෙකුත් දෙවියන්ටත් කරදරයක් වූ අතර හේරා ඔවුන්ගේ උදවුද ගෙන සියුස් දෙවියන්ව මත්ද්‍රව්‍යකින් සිහි නැති කොට සයනයක ඉතාම තදින් ගැට ගසන ලදී.නමුත් එම දෙවියන් අතරද වූ විවාදයකින් සියුස්ට පක්ෂපාතී දෙවියන් ජයග්‍රණය කිරීම නිසා  සියුස්ව නැවත නිදහස් කිරීමට සිදු වුනි.

අනෙකුත් දෙවියන් සියුස් ඉදිරියේ අභයදානය ඉල්ලා දණ නැමුහ.
පසුව කෝපයට පත් සියුස් හේරා දෙවියව  අහසෙහි යකඩ දම්වැල් වලින් එල්ලා තැබූ බව කියවේ.ඇය නොනවත්වාම වේදනාවෙන් විලාප තැබීම උහුලාගත නොහැකිව සියුස් විසින් ඇයව නිදහස් කරන ලදී.නමුත් දිගින් දිගටම ඇය සියුස්ගෙන් පලිගැනීමට අවශ්‍ය වූ  හේරා ඇතැම් විට සියුස්ගේ ඉදිරි සැලසුම් දැනගෙන ඔහුට කුමන්ත්‍රණ කරමින් හා  ඔහු රවටමින් පරාජය කරවීමට සමත් වුවාය.

ඇය ඉතා  පූජනීය සතුන් ලෙස ගවයා  හා මොනරා සැලකූ බව සදහන් වේ. ඇගේ ප්‍රියතම නගරය Argos වේ.

රෝමන් නාමය වන්නේ Juno ය 

6. ඒරස් (Ares )


Ares සියුස්ගේ හා හේරාගේ පුත්‍රයා විය. දෙමාපියන් දෙදෙනාම ඔහුට අකමැති විය. මිනීමැරුම් සිදුකරමින් ලේ තවරාගෙන ඇති ඔහු යුද්ධයට අධිපති දෙවියා වන අතර දෙවියන් සහ මිනිසුන් අතර එතරම් ප්‍රසාදයට පත් නොවූ චරිතයක්  ලෙස ග්‍රීක ඉතිහාසයේ සහදන් වේ. 

ඔහුගේ පක්ෂියා ගිජුලිහිණියා වන අතර  ඔහුගේ සත්ව බල්ලා වේ.

රෝමන් නාමය වන්නේ Mars ය.

ඉතිරිය මීලග ලිපියෙන් බලාපොරොත්තු වන්න. 

2 comments:

  1. කැමතිම සබ්ජෙක්ට් එකක් මේක...ස්තූතියි ඔයාට... ජයවේවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති මිතිල

      Delete