සිකුරු ග්‍රහයා - Planet Venus


මෙහි සඳක් නොමැත.
ස්කන්ධය පෘතුවියෙන් 82% කි.
විෂ්කම්භය සැතපුම් 7520කි.
අවුරුද්දක් පෘතුවි දවස් 225කි.
දවසක් පෘතුවි දවස් 243 කි.
උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 850කි.
සූර්යයාගේ සිට දෙවෙනි ග්‍රහලෝකයි.
සූර්යයාට දුර සැතපුම් මිලියන  67කි.

සිකුරු ග්‍රහයා වලාකුලින් පිරි උෂ්ණත්වයෙන් ඉතා ඉහල ග්‍රහලෝකයකි.සිකුරු ග්‍රහයාගේ මතුපිට පදාසයම වලාකුලින් වැසී ඇත.මෙම වලාකුළු ප්‍රධාන වශයෙන් කාබන් ඩයොක්සයිඩ් වලින් සැදී ඇති අතර සෞරග්‍රහ මණ්ඩලයේ උණුසුම්ම ග්‍රහලෝකය සිකුරු ග්‍රහලෝකයයි.මෙය සූර්යයාට ඉතාම කිට්ටු වූ බුධ ග්‍රහයාටත් වැඩ උෂ්ණත්වයෙන් වැඩිය.

සිකුරු ග්‍රහයාද බුධ, පෘතුවි හා අඟහරු මෙන් පොලොවකින් යුක්ත ග්‍රහලෝකයකි.මෙහි තේරුම එහිද පාෂණ සහිත මතුපිටක් තිබීමයි.එහි භූගෝලීය වශයෙන් ගත්  විට පෘතුවියේ භූගෝලයට සමාන කඳු.මිටියාවත්,සානු හා ගිනි කඳු වලින් සමන්විත ආකාරය පෙනී යන අතර එහි දහස් ගණනින් ලෝදිය සහිත ගංගා හා ගිනිකඳු ඇති බව පිළිගැනේ.100km වඩා උසැති යෝධ ගිනි කඳු 100කට වඩා ඇති බව තාරකා විද්‍යාඥයින්ගේ මතයයි.

දුරදක්නයක් නැතිවද සිකුරු ග්‍රහයා පෘතුවියේ සිට දැක ගත හැකි වුවත් මුලින්ම මෙම ග්‍රහයා සොයා ගත්තේ කව්ද යන්න වග සොයාගෙන නොමැත.ඉපැරණි ශිෂ්ටාචාරයන් පිළිගත් ආකාරයට එය ග්‍රහලෝක දෙකක් හෝ එක දීප්තිමත් තරුවක් විය.ක්‍රිස්තු වර්ෂ 6 වන සියවසේදී  ග්‍රීක ගණිතඥයෙකු වූ Pythagoras එය තනි ග්‍රහලෝකයක් බව සොයා ගන්නා  ලදී.ක්‍රිස්තු වර්ෂ 1600 දී Galileo විසින් මෙම ග්‍රහයා සූර්යයා වටා භ්‍රමණය වන බව සොයා ගත්තේය.

සිකුරු ග්‍රහයා නිරීක්ෂණයට අභ්‍යාවකාශ යානා යැවුණු අතර ඉන් පළමුවන්න Venera 7 විය.සිකුරු ග්‍රහයා මත ගොඩබැස්සවූ මෙම යානාව රුසියානු නෞකාවකි.පසුව 1989 සිට 1994 දක්වා Magellan Probe නම් යානාව රේඩාර් මගින් සිකුරු ග්‍රහයාගේ මතුපිට  සිතියම් ගත කර වැදගත් තොරතුරු ගණනාවක් අනාවරණය කරගන්නා ලදී.

සිකුරු ග්‍රහයා පෘතුවි කක්ෂයෙන් ඇතුලත පිහිටි නිසා දහවල් කාලයේදී එය බැලීම සූර්ය එළියෙන්  බාධා වන  අතර හිරු නැගීමට පෙර හෝ හිරු බැසීමෙන් පසු සිකුරු ග්‍රහයා ඉතා දෙප්තිමත්ව බැබළෙනු දැකගත හැකිය.රාත්‍රී අහසේ ඇති දීප්තිමත්ම අකාෂ වස්තුව මෙයයි.

සිකුරු ග්‍රහයා ගැන සිත් අද ගන්න කරුණු කීපයක් 

සිකුරු ග්‍රහයා අනෙකුත් ග්‍රහලෝක වලට ප්‍රතිවිරුද්ධ දිශාවට භ්‍රමණය වේ .කිසියම් යෝධ ග්‍රාහකයක හෝ වල්ගා තරුවක බලපෑමෙන් මෙම ප්‍රතිවිරුද්ධ භ්‍රමණය සිදුවන්නට ඇතැයි විද්‍යාඥයින්ගේ මතයයි.

පෘතුවියට වඩා  සිකුරු ග්‍රහයාගේ වායු පීඩනය 92 ගුණයක් වැඩිය.

සිකුරු ග්‍රහලෝකයටම විශේෂ වූ ලෝදියක් "pancake" ලෙස හදුන්වනු ලබයි.

සිකුරු ග්‍රහයාව නම් කරන ලද්දේ ආදරය සදහා ග්‍රීක දෙවතාවියක් වූ "Venus " නිසාවෙනි.කාන්තාවකගේ නම් ලද එකම ග්‍රහලෝකය මෙයයි.

සිකුරු ග්‍රහයා සෞරග්‍රහ මණ්ඩලයේ 6වෙනි විශාලම ග්‍රහලෝකයයි.


2 comments: