ස්කන්ධය - පෘතුවියෙන් 5.5% කි.
විෂ්කම්භය - සැතපුම් 3031 කි.
පෘතුවියේ දින 60 ක් බුධ ග්‍රහයාගේ එක දිනයකි. එනම් එය තම අක්ෂය වටා කර කැවීමට දින 58 පැය 15 ක පමණ කාලයක් ගනී
බුධ ග්‍රහයා, සුර්යා වටා ගමන් කිරීමට දින 87.97 (වසර 0.2) ක පමණ කාලයක් ගනී
උෂ්ණත්වය - ෆැරන්හයිට් අංශක -300 සිට + 800 වේ. සූර්යයාගේ සිට දුර සැතපුම් මිලියන 36ක් වන අතර සූර්යයාට ලඟම ග්‍රහයා බුධ ග්‍රහයායි.
දැනට වර්ගීකරණය කර ඇති ආකාරයට Pluto ග්‍රහලෝකයක් නොවන නිසා බුධ ග්‍රහයා සෞරග්‍රහ මණ්ඩලයේ කුඩාම ග්‍රහයා වේ. බුධ ග්‍රහයාගේ මතුපිට පාෂාණ සහිත වන අතර එහි මධ්‍යයේ යකඩ ඇති බව සැලකේ. විශාල ග්‍රහයන් වන පෘතුවිය හා අඟහරු සමග සැසදීමේදී බුධ ග්‍රහයාගේ පිහිටි යකඩ ප්‍රමාණය ඉතා වැඩි බව සොයාගෙන ඇත.ඉතා කුඩා බුධ ග්‍රහයාගේ ප්‍රමාණයෙන් වැඩි පරාසයක්ම යකඩ වලින් යුක්ත වේ.
ප්‍රමාණ සන්සන්ධනය |
බුධ ග්‍රහයා නිසරු ග්‍රහයෙක් වන අතර එය ආවාට සහ ග්‍රහාංශ කොටස් වලින් වටවී ඇත.මෙය පෘතුවියේ සඳට ඉතා සමාන වේ.
බුධ ග්‍රහයාගේ එක අවුරුද්දක් ඉතා කෙටි වන අතර දිනයක් ඉතා දිගු වේ.හුස්ම ගැනීමට සුදුසු වායුවක් එහි නොමැත.උෂ්ණත්වයද දිනෙන් දින නපුරු ලෙස වෙනස් වේ.නමුත් මෙම ග්‍රහයාගේ මතුපිට නම් පෘතුවියේ ආකාරයටම ගල් සහිත වේ.
බුධ සහ පෘතුවිය සුර්යා වටා ගමන් කිරීම |
ක්‍රිස්තු වර්ෂ 3000 දී පමණ Sumerian හා Babylonian ශිෂ්ටාචාර වලදී බුධ ග්‍රහයා සොයා ගනු ලැබිණි.වර්ෂ 1600 දී Galileo විසින් මුලින්ම දුරදක්නය භාවිතා කොට බුධ ග්‍රහයා ඇති බව ප්‍රකාශයට පත් කරන ලදී.
සූර්යයාට ඉතාම කිට්ටුවෙන්ම ඇති නිසා මෙම ග්‍රහයා ගවේෂණය කිරීමට ඉතා අසීරු වී ඇත.නමුත් මේ වනවිට අභ්‍යාවකාශ සොයා බැලීම් යානා දෙකක් බුධ ග්‍රහයා වෙත යවා ඇත.එහි පළමුවැන්න Mariner 10 ලෙස 1975 දී යැවුණු අතර ග්‍රහයාගේ සමීප ඡයාරූප ලබාගැනීමට හා එහි චුම්බක කලාපයක් ඇති බවට සාක්ෂි ලබාගෙන එන්නට එයට හැකිවිය. දෙවැනි යානය Messenger නම් වූ අතර 2008-2009 දී එය බුධ ග්‍රහයාට ලගා වන ලදී.
බුධ ග්‍රහයා ගැන සිත් අද ගන්නා කරුණු කීපයක්:
1. බුධ ග්‍රහයාට Caloris Basin නම් වූ විශාල ආවාටයක් ඇත.
2. මෙම ග්‍රහයාගෙන් රත්තරන් නිපදවිය හැකි බව රසවිද්‍යාඥයන්ගේ මතයක් ද විය.
3. Mercury නම් වූ රෝමානු දෙවියෙකු නිසා මෙම ග්‍රහලෝකයට එම නම ලැබුණු බව සැලකේ.ඔහු දෙවියන්ගේ පණිවිඩකරු වූ අතර සංචාරකයන්ගේ හා වෙළෙන්දන්ගේ ද දෙවියා ලෙස එකල විශ්වාස කරන ලදී.
4. අනෙකුත් සියලුම ග්‍රහයන්ට වඩා වේගයෙන් බුධ ග්‍රහයා සූර්යයා වටා භ්‍රමණය වේ.
5. අතීතයේ තාරක විද්‍යාඥයින් මෙම ග්‍රහයා ග්‍රහලෝක දෙකක් ලෙස දුටු අතර හිරු නැගෙනා විට එය දුටුවහොත් Apollo ලෙසද හිරු බැසීමෙන් පසු දුටුවහොත් Hermes ලෙසද නම් කරන ලදී.
6. අනෙකුත් සියලු ග්‍රහලෝක වලට වඩා වෙනස් වූ ඒකාකාර නොවූ කක්ෂයක් වටා මෙම බුධ ග්‍රහයා ගමන් කරයි.
Reference : http://www.ducksters.com
0 comments:
Post a Comment