ලියනාඩෝ ඩාවින්චි නම් වූ සුප්‍රකට ඉතාලි ජාතික කලාකරුවා අතින් නිමවුන මොනාලිසා සිතුවම ලොව අතිවිශිෂ්ට කලා නිර්මාණයකි. මෙම සිතුවම නිර්මානය කර ඇත්තේ 1505-1517 කාල වකවානුව තුල දී යයි සැලකේ.1797 සිට වර්තමානය දක්වා මෙය ප්‍රංශයේ පැරිස් නගරයේ The Louvre කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.
මෙම සිතුවම එකල ඉතාලියේ ෆ්ලොරන්ස් ( Florence) නගරයේ විසූ Lisa Gherardini නම් වූ ධනවත් කාන්තාවකගේ රුවයි. ඇය ධනවත් සිල්ක් වෙලෙන්දෙකු වූ Francesco del Giocondo ගේ බිරිඳ විය. තම නව නිවසේ කටයුතු අවසන් වීමත් දෙවන පුතුගේ උපත සැමරීමත් සඳහා Francesco del Giocondo තම බිරිඳගේ සිතුවමක් නැගීම ලියනාඩෝ ඩාවින්චි හට පවරන ලදි.