ලොව ඉපැරණි ලෝක පුදුම 7 - හතරවන කොටස
සීයුස්" ගේ පිළිරුවේ චිත්‍රයකි |
ඉපැරණි ග්‍රීකයන්ට අනුව සියලු දෙවියන්ට අධිපති වූ සියුස් දෙවියන් වෙනුවෙන් ඉදි කරන ලද මෙය අඩි 42 (මීටර 13) ක් පමණ උසකින් යුතු වූවයි සැලකෙන හිඳි පිලිමයකි.
ක්‍රි.පූ 435 දී පමණ ග්‍රීක මූර්ති ශිල්පියෙකු වූ ෆීඩියස් ( phidias ) විසින් සාදන ලද්දකි. මෙය තැන්පත් කර තිබුනා යයි සැලකෙන්නේ පුරාණ ඔලිම්පියාහි සියුස්ගේ දෙවොලේය. (Temple of Zeus)
ලොව ඉපැරණි ලෝක පුදුම අතරටද අයත් මෙම පිළිමය සෑදීමට ෆීලියස් හට වසර 12ක් පමණ ගත වුනි යයි සැලකේ. ඔහු විසින් නිමකරන ලද මෙම පිලිමයේ තොරතුරු පුරාණ ග්‍රීක පොත පත් වල සහ ඉපැරණි කාසි වල නිරූපණ කර ඇත. දෙවොලට ආසන්න ප්‍රදේශයක ඔහුගේ වැඩ බිම පිටුවා තිබී ඇත.